හෙරොයින් ග්‍රෑම් 400ක් සමග උඩප්පුව පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් .
සැකකරු සමග සිටි පෑලියගොඩ පදිංචි තවත් අයෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු සතුව තිබී ද හෙරොයින් ග්‍රෑම් 110ක් පමණ සොයාගත් බවයි පොලීසිය සදහන් කලේ.
සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩවත, ඇල්දෙණිය ප්‍රදේශයේදීයි .
අදාළ පොලිස් නිලධාරියා කොළඹ අපරාධ කොට්ඨාසයේ වසර 5ක පමණ කාලයක් සේවය කර තිබෙනවා.
අනතුරුව මෙම වසරේදී උඩප්පුව පොලීසියට ස්ථාන මාරුවක් ලබා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම මත්ද්‍රව්‍ය ඩුබායිහී සැඟව සිටින රසල් ස්මිත් නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ඒවා බව ද පොලීසිය පවසනවා.