බෝරා උත්සවය පැවැත්වෙන කාලයේදී ඒ අවට ප්‍රදේශය ජංගම දුරකථනයකින් වීඩියෝ කළ පස්රූල් රහ්මාන් මොහොමඩ් සහරාන් නොහොත් පොඩි සහරාන් නමැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු විසින් බම්බලපිටිය දුම්රියපොළ හා බෝරා පල්ලිය ආවරණය වන පරිදි වීඩියෝ ගත කිරීමක් සිදුකර යම් අපරාධයක් සිදුකිරීමට පූර්ව උපාය යෙදීමට සැලසුම් කළ බවට සැකපිට රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් ලබාදුන් තොරතුරක් අනුව බෝරා පල්ලිය අසල දුම්රිය මාර්ගයේදී ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු බම්බලපිටිය පෞද්ගලික ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක තොරතුරු තාක්ෂණ උපාධිය හදාරණ සිසුවෙක් බවටයි වාර්තා වන්නේ.
සැකකරු සන්තකයේ තිබූ එම වීඩියෝ අඩංගු ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු පාස්කු ප්‍රහාර සිද්ධියේ වීඩියෝ සමාජ මාධ්‍යයේ සංසරණය කිරීම සම්බන්ධයෙන් ද අත්අඩංගුවට පත්වූවෙක් බවත් ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවා සිටි මෙම සැකකරු මීට මාස කිහිපයකට ඉහතදී ඇප මත මුදාහැරියෙක් බවද පොලිසිය පවසනවා.
මූලික ප්‍රශ්න කිරීමේදී සැකකරු පවසා ඇත්තේ බෝරා පල්ලියේ ධජය මීට පෙර දැකනොමැති නිසා එය වීඩියෝ කළ බවයි.
මහනුවර ශ්‍රීමත් කුඩාරත්වත්ත මාවතේ පදිංචි 27 හැවිරිදි සැකකරු මේ වන විට එf`ඩ්රමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටින බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.