කොළඹ බේර වැවේ සතුන් මියයෑමට හේතු වී ඇත්තේ බැක්ටීරියා ආසාදනයක් බවට පර්යේෂනවලින් තහවුරු වූ බව කොළඹ මහ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන පශූ වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස් මහතා සඳහන් කළේ, මියගිය සතුන්ගේ පටක යොදා ගනිමින් සිදුකළ පර්යේෂණවලදී මේ බව සහවුරු වූ බවය.
ඉතිරි වී ඇති සතුන්ට ප්‍රතිජීවක එන්නත් ලබා දීම අද සිට ආරම්භ කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.