බෙලිඅත්ත ප්රදේශයේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරා ගොස් අනතුරක් සිදුව තිබෙනවා.
ට්රැක්ටරයක් මගින් පන්සල් ඉඩම සුද්ද කිරීමේදී ට්රැක්ටර් රෝදයට හසු වී මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.
පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.
මෙම අත්බෝම්බය පුපුරා යෑමෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති අතර විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්රිය අංශය විසින් සොයා ගත් බෝම්බ දෙක නිශ්ක්රීය කිරීමටයි කටයුතු කර ඇත්තේ.