දේශීය වෙළෙඳ පොලේ බුලත් මිල අධික ලෙස ඉහළ යාම හමුවේ තම වෙළෙඳාම් කටුතු අඩාල වී ඇති බව හැටන් ප්රදේශයේ බුලත් පුවක් වෙළෙඳ සැල්වල හිමිකරුවන් කියා සිටියා.
පීදුණු බුලත් කොළයක් රුපියල් 12කටත් රැහැන් බුලත් කොළයක් රුපියල් 10කටත් කුඩා බුලත් කොළයක් රුපියල් 6ක් වැනි මුදලකටත් තොග මිල ලැබෙන බවත් පවත්නා තත්ත්වය මත පීදුනු බුලත් කොළ 40කින් යුත් බුලත් අතක් රුපියල් 480ක මිලකට අලෙවි කිරීමට සිදුවන බවයි එම වෙළෙඳුන් කියා සිටියේ.
බුලත් මිල ඉහළ යාමට සමගාමීව පුවක් ගෙඩියක මිල රුපියල් 8ත් 10ත් අතර මිලකට ඉහළ යාම හමුවේ බුලත් විටක් රුපියල් 70ක් 80ක් වැනි මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවයි එම වෙළෙඳුන් කියා සිටින්නේ.
බුලත්වලට රෝගයක් වැළඳීම හේතුවෙන් බුලත් ඵලදාව අඩු වී ඇති නිසා ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ බුලත් මිල මෙසේ ඉහළ ගිය බවත් පුවක් ඵලදාව මේ දිනවල සිදු නොවන නිසා පුවක් ගෙඩියක් රුපියල් 8ක් 10ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බවයි හැටන් ප්රදේශයේ බුලත් පුවක් අලෙවි කරන වෙළෙඳුන් කියා සිටියේ.
බුලත් පුවක්වල මිල ඉහළ යාම හමුවේ තම දෛනික වෙළෙඳාම් සීග්රයෙන් පහළ වැටී ඇති බවත් තම දෛනික කටයුතුවලට බුලත් තොග මිලදී ගැනීමට විශාල මුදලක් වැය කිරීමට සිදු වුවත් ඉන් ලැබෙන ලාභ ප්රතිශතය ඉතා අඩු බවයි එම වෙළෙඳුන් වැඩිදුරටත් කියා සිටියේය.