දරුවෙකු ප්රසූත කළ බාල වයස්කාර පාසල් සිසුවියක් දරුවා රෝහලේ දමා පලායාමේ සිද්ධියක් යාපනය ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙනවා.
අදාළ පාසල් සිසුවිය 15 හැවිරිදි වියේ පසුවන අතර ඊයේ සවස ඇය දරු ප්රසූතිය සඳහා රෝහල් ගත කර තිබෙනවා.
ඒ අනුව මෙම සිසුවිය විසින් දරුවෙකු ප්රසූත කර ඇති අතර එම දරුවාව රෝහලේ දමා ඇය පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.