පෞද්ගලික බස් රථයක් සහ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් දින උදැසන රිය අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් රියදුරා සහ තවත් එක් අයෙක් බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් අනතුරුව තුවාලකරුවන් දෙදෙනාගේ තත්ත්වය බරපතළ හේතුවෙන් ඔවුන් නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යැවු බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ පැවසුවා.