බ්‍රිතාන්‍යයේ පවතින නොසන්සුන් සහ ප්‍රචණ්ඩකාරී වාතාවරණය හේතුවෙන් හදිසි රැස්වීමක් කැඳවීමට අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් තීරණය කර තිබෙනවා.
ඒ අනුව අමාත්‍යවරුන්, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන දහස් ගණනක් විරෝධතාකරුවන්, කඩසාප්පුවලට හානි සිදුකරමින් සංක්‍රමණික වැසියන්ට පහර දෙමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පවතින තත්ත්වය හමුවේ මේ වනවිට කලහකාරීන් 150 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.