
බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හි කැලෑබද ප්‍රදේශයකට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ යානයෙහි ගුවන් නියමුවා සහ තවත් මගීන් තිදෙනෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මියගිය මගීන් තිදෙනා කොලොම්බියානු ජාතික සංචාරකයින් බව ද වාර්තා වනවා. බ්‍රසීලයට පැමිණෙන සංචාරකයින් සදහා ගුවන් ගමන් සපයනු ලබන සමාගමකට අයත් යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ. අදාළ හෙලිකොප්ටර් යානය කඩා වැටීමෙන් පසු ගින්නක් ද ඇති වී තිබෙන අතර, ගින්න පාලනය කිරීම සදහා ගිනි නිවීමේ අංශ ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.














