ප්‍රවේශ පත්‍රයක් නොමැතිව බස් රථවල ගමන් කරන මගීන්ට හෙට සිට දඩ මුදලක් නියම කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.
ඒ අනුව ප්‍රවේශ පත්‍ර ලබා නොදෙන කොන්දොස්තරවරුන්ට දඩයක් නියම කෙරෙනු ඇති.
ඒ අනුව හෙට දිනයේ සිට බස්නාහිර පළාතේ ධාවනය වන බස්රථවල ගමන් ගන්නා මගීන් ප්‍රවේශ පත්‍රය ළඟ තබාගැනීම අනිවාර්යය වනවා.
මේ අතර බස්නාහිර පළාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයාද පැවසුවේ හෙට දිනයේ සිට මගියා විසින් ටිකට් පතක් ලබා ගැනීම සහ කොන්දොස්තරවරයා මගියාට ටිකට්පතක් ලබා දීමද අනිවාර්ය වන බවයි.
මේ අතර ප්‍රවේශපත්‍ර නිසි පරිදි මගී ජනතාවට ලබා දීමට කටයුතු කරන මෙන් දිවයින පුරා සියලුම කොන්දොස්තර මහතුන්ගෙන් ඉල්ලා සිටින බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා.
ඔහු මේ බව සදහන් කලේ අද කොළඹ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.