බස්නාහිර හා දකුණු පළාත්වල අපරාධ ක්‍රියාකාරකම් මේ වනවිට ඉහළගොස් ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඒ අනුව මේ වනවිට එම පළාත්වල ආරක්ෂාව තහවුරුකර ඇති බව හෙතෙම සඳහන් කළා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසුවා.
මෙහිදී වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ අධිකරණයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය මේ වනවිට පියවරගෙන ඇති බවයි.
කෙසේ නමුත් අධිකරණයෙන් පිටත ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා ඇතත්, ඇතුළත කටයුතු සඳහා පොලිස් නිලධාරීන් යොදවා නොමැති බව ඔහු මෙහිදී පැවසුවා.
පෞද්ගලික ආරක්ෂක අංශයක් විසින් අධිකරණය ඇතුළත ආරක්ෂක කටයුතු සිදුකරන බවත්, ඉදිරියේදී අදාළ පාර්ශව සමග සාකච්ඡාකර ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කළා.