බස්නාහිර පළාතේ වාර්ෂික සෞඛ්‍ය මාරු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
බස්නාහිර පළාතේ වාර්ෂික ස්ථානමාරු අවිධිමත් ලෙස සිදුව ඇති බවට බස්නාහිර පළාතේ රෝහල් කාර්යමණ්ඩල සේවක සේවිකාවන් චෝදනා කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව බස්නාහිර පළාත් ආණ්ඩුකාර එයාවයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා තාවකාලිකව මෙම ස්ථාන මාරු අවලංගු කර සුහද ස්ථාන මාරු පමණක් ක්‍රියාත්මක කරන ලෙස පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.