උඩමළුව, සාරිපුත්‍ර ආශ්‍රමය මාර්ගයේදී පුද්ගලයෙකු හා කාන්තාවක් බඹර ප්‍රහාරයකට ලක්ව අනුරාධපුර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 77ක් පමණ වූ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බවද පොලිසිය කියා සිටියා.
මරණකරු වන්දනා කටයුත්තක් සඳහා අනුරාධපුර ප්‍රදේශයට පැමිණ ිටියදී මෙම බඹර ප්‍රහාරයට ලක්ව ඇතිබවට දැනට සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.











