බන්ධනාගාර තදබදය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා.
බන්දනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කලේ සමස්ථ බන්ධනාගාරවල මේ වන විට රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 30,094ක් වන බවයි.
ඒ අනුව පවතින තත්ත්වයන් හමුවේ බන්ධනාගාරවල ආරක්ෂාව ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.
සැකකරුවන් බැලීමට පැමිණෙන පුද්ගලයින් හරහා තහනම් භාණ්ඩ බන්ධනාගාර තුළට රැගෙන ඒම වැළැක්වීම සඳහාද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව එලෙස පැමිණෙන පිරිස් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
උණුසුම් පුවත්
- වතු කම්කරුවන්ගෙන් රුපියල් 108,000ක් රී බිල්ඩ් ශ්‍රී ලංකා අරමුදලට
- ඩග්ලස් දේවානන්දා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර
- “ජින්ගා” අත්අඩංගුවට
- හෙළයේ ගීත කෝකිලාවිය දිවිසැරිය නිමකරයි
- හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට
- කොස්තාපල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අතර සිද්ධිය ගැන පොලිසියෙන් නිවේදනයක්
- බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන 133ක්
- අද දවසේ කාලගුණ තත්ත්වය













