බදු අය කිරිම් නැවත නැවත ඉහළ දැමීම වෙනුවට බදු පදනම පුළුල් කිරීමේ වැඩපිළිවෙලක් කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඉදිරියේදී ක්‍රමානුකූලව බදු අයකිරීමේ ප්‍රතිශතයන් අඩු කිරීමට පියවර ගන්නා බවයි .

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇති සමාගමක් විසින් යන්ත්‍රෝපකරණ ගෙන්වීමේ මුවාවෙන් ආනයනය කරන ලද දුම්වැටි තොගයක් ඊයේ රේගුව විසින් සිය භාරයට ගනු ලැබූ අතර ඒවා නිරීක්ෂණය කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඔරුගොඩවත්ත රේගු පර්යන්තය වෙත පැමිණි අවස්ථාවකදී මේ බව ප්‍රකාශ කළා .

 

WhatsApp Group

Skip to content