මෙම වසරේ රාජ්ය බදු ආදායම් ඉලක්කයෙන් මේ වන විට අය කර ගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 1711 ක් බව රාජ්ය ආදායම් පිළිබඳ ජනාධිපති අධ්යක්ෂ ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසනවා.
මෙම වසරේ රාජ්ය බදු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 3101 ක් බවයි අධ්යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.
කෙසේ වෙතත් බදු ආදායමෙන් සියයට 47 ක් මේ වන විට සපුරා ගෙන තිබෙන අතර ඉතිරි සියයට 53 ජය ගැනීම ආදායම් එක්රැස් කරන රාජ්ය ආයතන තුනේ ප්රධාන වගකීම වනු ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ. .