Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්

    බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2026-01-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.45 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බදුලුපුරින් – වලපනේ විශේෂ ශ්‍රම මෙහෙයුම සාර්ථක ලෙස ක්‍රියාත්මක කරමින් පවතින අතර එහි ප්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමක් ඊයේ(18) දින නුවරඑළියේදී පවත්වා තිබෙනවා.

    අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල යන මහත්වරුන් මෙම මාධ්‍ය හමුවට එක්ව තිබෙනවා.

    මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා කියා සිටියේ මෙම මෙහෙයුම සඳහා ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන්, තරුණ සේවා සභාවට අයත් තරුණ තරුණියන්, ස්වේච්ඡා සංවිධාන මෙන්ම ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් සක්‍රීයව එක්ව සිටින බවයි.

    නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරකදී මෙම ශ්‍රම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර මෙහිදී ප්‍රවේශවීමට අපහසු වූ ගම්මාන මාර්ග සඳහා තාවකාලික පිළිසකර කිරීම් සිදුකරන බවත් එමෙන්ම විනාශයට පත්ව තිබූ වැව් හා අමුණු ප්‍රතිසංස්කරණය කිරීම, සෞඛ්‍ය සායන, රසවින්දන වැඩසටහන් ඇතුළු බහුමාන කටයුතු රැසක් ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.
    මෙම මෙහෙයුම යටතේ ජනවාරි 17 වන දින වන විට වලපනේ ප්‍රදේශයේ ව්‍යාපෘති 15ක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ අතරින් ව්‍යාපෘති හතක් සම්පූර්ණ කර තිබෙනවා.

    ඒ සඳහා පුද්ගලයින් 876 දෙනෙක් සම්බන්ධ වී සිටින බවයි වාර්තා වන්නේ.

    නිල්දණ්ඩාහින්න ප්‍රදේශයේ ව්‍යාපෘති 22ක් යටතේ කටයුතු සිදුකර ඇති අතර එයින් ව්‍යාපෘති 12ක් සම්පූර්ණ කර තිබෙනවා.

    එයට පුද්ගලයින් 1093 දෙනෙක් සම්බන්ධ කරගෙන ඇති බවත් මතුරට ප්‍රදේශයේ ව්‍යාපෘති 13ක් ක්‍රියාත්මක කර ඉන් ව්‍යාපෘති හතරක් සම්පූර්ණ කර ඇති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

    මතුරට ප්‍රදේශයේ ව්‍යාපෘති සඳහා පුද්ගලයින් 666 දෙනෙක් සහභාගි කරගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

    හඟුරන්කෙත ප්‍රදේශයේ ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කර ඇති අතර ඒ අතරින් ව්‍යාපෘති 14ක් සම්පූර්ණ කර තිබෙන බවත් එයද පුද්ගලයින් 1448 දෙනෙක් සම්බන්ධ කරගනිමින් සම්පූර්ණ වශයෙන් මෙම මෙහෙයුම යටතේ ව්‍යාපෘති 72ක් සැලසුම් කර ඇති අතර 17 වන දා වන විට ව්‍යාපෘති 37ක් සාර්ථකව අවසන් කර ඇති බවත් ඒ සඳහා එක්වූ සමස්ත සහභාගි පිරිස 4084 දෙනෙක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.

    ඉදිරියේදීද මෙවැනි ශ්‍රම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිත බව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.

    පෙර පුව​තඑංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
    ඊළඟ පුව​ත වායු ගුණාත්මකභාවය පහලට

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group