ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය මේ වන විට අබුඩාබි හිදී පැවැත්වෙනවා.
ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර බී කාණ්ඩලයේ තරගයක් ලෙසින්.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශ කණ්ඩායමට පිරිනමනු ලැබුවා.
ඒ අනුව පන්දුවාර පහක් අවසානයේ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 16ක් ලබාගැනීමට සමත්ව සිටිනවා.
බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම කිසිදු ලකුණක් ලබාගැනීමට අවස්ථාවක් නොදී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීමට නුවන් තුෂාර සහ දුෂ්මන්ත චමීර සමත් වූවා.
තවුහිඩ් ට ලබාගත හැකි වූවේ ලකුණු අටක් පමණයි.
ලිට්ටොන් දාස් සහ මෙහෙදි හසන් නොදැවී පන්දුවට පහර දෙනවා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනුවෙන් නුවන් තුෂාර පන්දුවාර තුනකදී ලකුණු අටක් ලබාදී එක් කඩුල්ලක්ද දුෂ්මන්ත චමීර පන්දුවාර දෙකකදී ලකුණු 3කට එක් කඩුල්ලක්ද දවා ගැනීමට සමත් වූවා.