ලොව පුරා ශීත ඍතුව එළඹීමත් සමගම පෝලන්තයේ ප්‍රධාන ගුවන් තොටුපොළ දෙකක සිට එරට සංචාරකයන් රැගත් ගුවන් යානා දෙකක් 2ක් කටුනායකට පැමිණ තිබෙනවා.
පෝලන්තයේ එන්ටර් එයාර් නැමති ගුවන් සමාගම මෙම ගුවන් ගමන සඳහා බෝයිං – 737 වර්ගයේ ගුවන් යානා දෙකක් යොදවා තිබුණා.
මෙහි පළමු ගුවන් යානය ඊයේ දින උදෑසන 09.50 ට පෝලන්තයේ කටෝවිස් ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර , එම යානය ජල ආචාර පවත්වා උසස් අන්දමින් ගුවන් තොටුපොළ වෙත පිළිගනු ලැබුවා.
දෙවන ගුවන් යානය ඊයේ දහවල් 11.00 ට පෝලන්තයේ වෝර්සෝ නුවර සිට සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ගුවන් යානා දෙකෙහි ගුවන් මගීන් 378 දෙනෙකු සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය 16 දෙනෙකු සිටි බවයි වාර්තා වන්නේ.
පෝලන්ත එන්ටර් එයාර් ගුවන් යානා සතියකට 08 වරක් පෝලන්තයේ සිට මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
උණුසුම් පුවත්
- අතුරුදන් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- නීති උල්ලන්ඝනය කල ඔසුසල් 3කට එරෙහිව දඩ නියම කෙරේ
- රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් රැසක් අත්අඩංගුවට
- රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ චක්‍රලේඛයක්
- මෙම වසරේ ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 250ක් ආරම්භ කිරීමට රජයෙන් සැලසුම්
- ඔහු මට බින්දුවයි… ලාල්කාන්තගෙන් නන්දන ගැන සටහනක්
- හල්දුම්මුල්ලේදී බසයක් පෙරළෙයි – රියදුරු මරුට
- නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි










