පාසල් තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටු වීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර ඊයේ කොළඹදී මාධ්‍ය අමතමින් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, බස්නාහිර සහ දකුණු පළාත්වලට අමතරව කුරුණෑගල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල පාසල් සිසුන් අතරද මේ වන විට මත්ද්‍රව්‍ය භාවිතය අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පොලිස් විශේෂ කාර්ය බළකාය අනෙකුත් රාජකාරීවලින් ඉවත් කර මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා පමණක් යෙදවීමට ඉදිරියේ දී කටයුතු කරන බවයි.

වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ අත්අඩංගුවට ගැනෙන හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 1,100 ත් 2,000 ත් අතර වනවා.

හෙරොයින් මත්ද්‍රව්‍ය වැඩි වශයෙන් අලෙවි වන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුළ බවද සමීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම විවිධ මත්ද්‍රව්‍ය පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අතර ව්‍යප්ත කරවීමටද ජාවාරම්කරුවන් සංවිධානාත්මක වැඩසටහන් ජාලයක් දියත්කර ඇති බවට නිරීක්ෂණය වී ඇතැයිද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කළා.

WhatsApp Group

Skip to content