කොළඹ ප්රදේශ රැසකට අද පෙරවරු 9.00 සිට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය තීරණය කර තිබෙනවා .
ඒ අනුව කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල නගර සභා බල ප්රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්රාදේශ සහ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්රාදේශීය සභා බල ප්රදේශවලට මෙලෙස ජලය අත්හිටුවීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් මොරටුව මහ නගර සභා බල ප්රාදේශයට එම කාල සීමාව තුළ අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය දැනුම් දී තිබෙනවා.