කෑගල්ල, අරණායක අසුපිණි ඇල්ල ජල යෝජනා ක්රමය සඳහා ගෙනවිත් තිබු ජලනල තොගයක් ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 6දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ ජල යෝජනා ක්රමය විවෘත කිරීමට දින දෙකක් තිබියදී ඒ සඳහා ගෙනවිත් තිබු ජලනල තොගය ගිනිගැනීමට ලක්වුනා.
මෙම ගිනිගැනීම කඩාකප්පල්කාරී ක්රියාවක් බවට වාර්තා වීමත් සමග අරණායක පොලීසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුවයි අදාළ සිසුන්ගෙන් ප්රශ්න කිරීම් ආරම්භ කෙරුනේ.