පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට රජය නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල් මූලික කරගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමටයි කටයුතු සැලසුම් කර තිබෙන්නේ.
මෙම ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කමිටු ශාලාවේ දී සාකච්ඡාවක්ද පැවැත්වුනා.
මෙම ව්‍යාපෘතියේ දී සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල්, සිසුන් 251 -500 අතර සිටින වතු පාසල්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසල් සහ පිරිවෙන්, ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු පාසල් සිසු සිසුවියන්ට දේශීය ව නිෂ්පාදනය කරන ලද පාසල් පාවහන් මිලදී ගැනීමට අවස්ථාව හිමි වනු ඇති.













