ඉන්දුනීසියාවේ නොමිලේ ලබාදුන් පාසල් දිවා ආහාර විෂවීමෙන් ළමයින් 1,000 කට වැඩි පිරිසක් රෝගාතුර වී තිබෙනවා.
බලධාරීන් පවසන්නේ සඳුදා සහ බදාදා අතර වාර්තා වු එවැනි විෂ ශරීරගත වීම් සංඛ්‍යාව 1,250 ඉක්මවා ඇති බවයි.
මීට අමතරව බටහිර ජාවා සහ මධ්‍යම සුලවේසි යන පළාත්වල පසුගිය සතියේ සිසුන් 800 දෙනෙකුගෙන් ආහාර විෂ වීම් වාර්තා වුණා.
එරට ජනාධිපති ප්‍රබෝවෝ සුබියන්තෝ ගේ, පාසල් ළමුන් මිලියන 80කට නොමිලයේ දිවා ආහාර පිරිනැමීම අරමුණු කරගත් පෝෂ්‍යදායී ආහාර වැඩසටහනට අනුව මෙම ආහාර ලබාදීම ක්‍රියාත්කමයි.
එහෙත් ආහාර විෂවීමේ සමූහ සිදුවීම් මාලාවක් සහ සෞඛ්‍ය ගැටළු හේතුවෙන් වැඩසටහන අත්හිටුවන ලෙස රාජ්‍ය නොවන සංවිධාන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත් බලධාරීන් පවසන්නේ මෙය පෝෂණ ඉටුකිරීමේ සේවා ඒකකයේ තාක්ෂණික දෝෂයක ප්‍රතිඵලයක් බවයි.
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් 22 දක්වා නොමිලයේ ලබාදුන් පාසල් දිවා ආහාර විෂ වීමේ සිද්ධීන් 4,711 ක් වාර්තා වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.
පසුගිය වසරේ ප්‍රබෝවෝගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන පොරොන්දුවක් වූ නොමිලයේ ආහාර වැඩසටහන, ඉන්දුනීසියාවේ වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් පහෙන් එකකට බලපාන මන්දපෝෂණය නිසා ඇති වන රෝගී තත්වයන් වැළැක්වීමේ ක්‍රමයක් ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.
ඉන්දුනීසියාව මෙම වසරේ නොමිලයේ ආහාර ලබාදීමේ වැඩසටහන සඳහා ඩොලර් බිලියන 10 කට අධික මුදලක් වෙන් කර තිබෙනවා.