පාපන්දු ලෝකයේ සදාකාලික වාද විවාදයන්ට තුඩු දෙන ක්‍රීඩකයින් වන ලියනෝල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අතර පැවති තවත් වාර්තා සටනකින් ලියනෝල් මෙසී ජයග්‍රහණය කර තිබෙනවා.
ඒ, පාපන්දු ඉතිහාසයේ දඬුවම් පහර නොවන වැඩිම ගෝල සංඛ්‍යාව වාර්තා කරමින් වීම විශේෂත්වයක්.
ඔහු මෙම සුවිශේෂී වාර්තාව පිහිටුවනු ලැබුවේ ඉන්ටර් මිආමි කණ්ඩායම සහ නිව් යෝර්ක් රෙඩ් බුල්ස් සමඟ පැවති තරගයේදීයි.
එම තරගයේදී විශිෂ්ට ගෝල ද්විත්වයක් වාර්තා කිරීමට ආර්ජන්ටිනානු සුපිරි තරුව වූ ලියනෝල් මෙසී සමත් වූ අතර, ඔහුගේ දඬුවම් පහර නොවන ගෝල සංඛ්‍යාව 764 ක් දක්වා ඉහළ ගියා.
ආර්ජන්ටිනානු පාපන්දු පුරාවෘත්තය වන ලියනෝල් මෙසී, සිය විශිෂ්ට ගෝල රැස් කිරීමේ හැකියාවෙන් යළිත් වරක් වාර්තා පොත් අලළුත් කරමින්, මෙතෙක් මෙම වාර්තාවට හිමිකම් කියූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ අභිබවා යාමට සමත් වී තිබෙනවා.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ලබා ඇති ගෝල සංඛ්‍යාව 763 ක් ලෙස සටහන් වන අතර, ලියනෝල් මෙසී ඔහුට වඩා එක් ගෝලයක් ඉදිරියෙන් සිටිනවා.