පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසනවා.
අද සිට සියයට 18 දක්වා වැට් වැඩි කිරීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා බේකරි හිමියන්ට දැඩි ලෙස බලපෑම් එල්ල වී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ රටේ ජනතාව ගැන සිතා පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමට තීරණය කළ බවයි එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ.
මේ පිළිබදව ඉදිරියේදී රජය සමඟ සාකච්ඡා කර විසදුමක් ලබා ගන්නා බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.