2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 25 වන තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ සත්කාරක ශ්‍රී ලංකා සහ පාකිස්තාන කණ්ඩායම් අතරයි.
අයහපත් කාලගුණය සහ තණතිල්ලේ පවතින තෙත ස්වභාවය නිසා තරගය ආරම්භ කිරීම මදක් ප්‍රමාද කර තිබුණා .
ඒ අනුව මේ වන විට යලිත් ආරම්භ කර ඇති තරගය පන්දුවාර 34 කට සිමා කිරීමටයි තරග තීරකවරුන් කටයුතු කර ඇත්තේ.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම සදහා පාකිස්තානයට ආරාධනා කළා.
කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකාව ක්‍රීඩා කරනු ලබන අවසන් තරගය මෙයයි.
මේ වන විට තරග 06 ක් ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් එක් තරගයක් ජය ගෙන තිබෙනවා.
තරග දෙකකට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරග තුනක් ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා.
ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ මේ දක්වා ජය ගැනීමට හැකි වූයේ බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය පමණයි.











