ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීයකරණය සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඊයේ බත්තරමුල්ලේ දී පැවැත්වුණා.
ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි සහ කර්මාන්ත සහ ව්‍යවාසයකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩසටහන ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රතිචක්‍රීයකරණ ආයතන, නිෂ්පාදකයින් හා සැපයුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා.
ප්ලාස්ටික් දූෂණය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජය මේ වන විට විධිමත් සහ කඩිනම් පියවර රැසක් ගෙන ඇති බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.
තනි භාවිත ප්ලාස්ටික් ඛාණ්ඩ කිහිපයක් මේ වන විට තහනම් කර ඇති අතර එය පිරිසිදු හරිත වැඩසටහනක් සඳහා රජයේ කැපවීම සංකේතවත් කරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්ම යටතේ, ප්‍රතිචක්‍රීකරණ පහසුකම් ගොඩනඟමින් සිටින අතර ඝන සහ කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණය යන අංශ දෙක සඳහා කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා ගැනීමට ද නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













