ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය කුමන තීරණයක් ගනු ලැබුවද තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහය පළ කරන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
සිය ඞ ගිණුමේ සටහනක් තබමින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ රට බේරාගත් ජනාධිපතිවරයාට ඉදිරියේදීත් සහයෝගය ලබාදෙන බවයි.
මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවටයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.