ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්රදේශ කිහිපයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන්.
අදාළ නිවේදනය අද රාත්රී 10 දක්වා වලංගු වනවා.
ඒ අනුව, කළුතර දිස්ත්රික්කයේ වලල්ලාවිට ,මාතර දිස්ත්රික්කයේ වැලිපිටිය ප්රදේශවලට 01 වන මට්ටමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.
ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ,ඇල්පිටිය, බද්දේගම,යක්කලමුල්ල හා කළුතර දිස්ත්රික්කයේ :පාලින්දනුවර,මතුගම මාතර දිස්ත්රික්කයේ කොටපොල,
රත්නපුර දිස්ත්රික්කයේ ඇලපාත,කලවාන,පැල්මඩුල්ල යන ප්රදේශ වලට 2 වන මට්ටමේ අනත්ගුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.