බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. මේ අනුව ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් අද පස්වරු කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුර, උතුරු-මැද, දකුණ සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝ මීටර 30 ක 40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සඳහන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
උණුසුම් පුවත්
- ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවලින් රැකියා අවස්ථා වැඩි වශයෙන් ශ්‍රී ලාංකිකයින්ට
- මාධ්‍ය ප්‍රචාරයන් හේතුවෙන් පීඩාවට පත්වන පුරවැසියාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරදීම ද රජයේ වගකීමක්
- රන් මාලයක් කොල්ලකෑමට ගිය සැකකාරියක් අත්අඩංගුවට
- මම උපාධි අතහැර තුවක්කු ගත්ත මිනිහෙක් – පැන්ෂන් කැපුවොත් මරාගෙන මැරෙනවා
- සියලු ප්රජාතන්ත්රවාදී සංවිධාන බලහත්කාරයෙන් ජේවීපීකරණයට ලක් කරනවා
- කඳුකර කොටියෙක් නිසා වතුකම්කරුවන් භීතියෙන් – CCTV VIDEO
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුමේ තවත් අධියරක් ඊයේ දිනයේදීත්