පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ලබා දෙන ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් මෙම සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා පවසනවා.
රටේ ආර්ථික තත්වය තරමක් දුරට යහපත් මට්ටමක පවතින බවට රජයේ පාර්ශ්වයෙන්ම ප්‍රකාශ නිකුත් කෙරෙන බැවින් මෙම ඉල්ලීම කරන බවයි ඔහු සඳහන් කළේ.
පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර රජයෙන් ඉල්ලීම් ගණනාවක් කළා. කෙසේවෙතත් රටේ පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් මුදල් ලබා දිය නොහැකි බව භාණ්ඩාගාර ලේකම්වරයා එම කොමිෂන් සභාවට දැනුම් දී තිබුණා.
මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා බහුතරයක්ද මේ වනවිට මුද්‍රණය කර අවසන්ව පවතිනවා.
එමෙන්ම පළාත්පාලන මැතිවරණය කල් ගොස් ඇතත් එම මැතිවරණය ඇතුළු ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරගෙන යන බවයි නිමල් ජී පුංචිහේවා මහතා වැඩිදුරටත් පැවසුවේ.
Trending
- අද සහ හෙට පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලුවක් විවෘත කෙරේ
- රවී කරුණානායකගේ නිවසට දැඩි පොලිස් ආරක්ෂාවක්
- දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරේ
- භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට
- උසස් පෙළ විභාගයේ උපකාරක පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
- ගාසා තීරයේ ආහාර රැගත් ලොරි රථ 109 ක් කොල්ල කයි
- අගමැති හරිනි අමරසුරිය පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ
- මිලියන 1152ක මත්ද්‍රව්‍ය තොගයක් කොටුවෙයි