මාතලේ, පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහරදීමකදී තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙංවා. මිය ගිය තරුණයා වයස අවුරුදු 18 ක් වූ පලාපත්වල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඊයේ පස්වරුවේ මරණකරු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සැකකරුගේ නිවසට පැමිණ සැකකරු හා නිවැසියන් සමග බහින් බස් වීමක් ඇති කරගෙන තිබෙනවා. එම බහින් බස්වීම දුරදිග යාම හේතුවෙන් සැකකරු අසල තිබූ තියුණු ආයුධයකින් මරණකරුගේ ගෙල ප්‍රදේශයට පහර දී තවත් පුද්ගලයෙකුට ද කැපුම් තුවාල සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
තුවාලකරුවන් මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් තිබුණා. අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.