මිද්දෙණිය ප්‍රදේශයේදී සොයා ගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා බවට පැවසෙන අමුද්‍රව්‍ය තොගය අද ගොඩ ගැනීමට නියමිතව තිබෙනවා.
එහි තිබී කිලෝග්‍රෑම් 50,000කට ආසන්න තොගයක් සොගා ගෙන තිබෙනවා.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කෙහෙල්බද්දර පද්මේට අයත් නුවරඑළියේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා මෙම අමුද්‍රන්‍්‍ය භාවිතා කර ඇති බවයි අණාවරණය වී ඇත්තේ.
රසායනික ද්‍රව්‍ය තොගය වළදමා ඇති ඉඩම රජයේ රස පරීක්ෂකවරයා අද නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම තොගය ගොඩගැනීමට නියමිතයි.
කෙහෙල්බද්දර පද්මේ සමග අත්අඩංගුවට ගත් බැකෝ සමන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වූ තොරතුරු මත මෙම රසායනික අමුද්‍රව්‍ය තොගය සොයා ගැනීමට සමත්ව තිබෙනවා.
එහිදී හුණුගල්වලට සමාන රසායනික ද්‍රව්‍ය මතු කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත් වුණා.
එම රසායනික ද්‍රව්‍ය රැගත් බහාලුම් දෙක මේ වසරේ ජනවාරි මස 27 වැනිදා වරායෙන් මෙරටට ගෙන්වා ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.
වළදමා තිබූ රසානායනික ද්‍රව්‍ය තොගය අන්තරායකර ඖෂධ පාලන අධිකාරීයේ නිලධාරීන් ද පැමිණ පරික්ෂාවට ලක් කර තිබුණා.
එම නිලධාරීන් එම රසායනික ද්‍රව්‍යවල සාම්පල ද විමර්ශන සඳහා ලබාගෙන ඇති බවයි වාර්තා වුනේ.
අයිස් මත්ද්‍රව්‍ය සෑදීමට යොදා ගන්නා එම රසායනික ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 200කට අධික වනවා.
එම රසායනික ද්‍රව්‍ය තොගය යොදා ගනිමින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 200 ක් 300 ක් පමණ නිෂ්පාදනය කළ හැකි බවයි අණාවරණය වී ඇත්තේ.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










