හෙට(21) දින දහවල් මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ නගරයේ පිහිටි ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මහජන රැළියක් පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර ඇති බව පොලිසිය පවසනවා.
මෙම මහජන රැළි යසඳහා සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්ෂිකයන් හා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ රථ වාහන හා ආරක්ෂක සැලැසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඒ අනුව දහවල් 2 සිට රැළිය අවසන් වන අවස්ථාව දක්වා නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි රථ වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිත බවයි පොලිසිය පවසන්නෙ. අදාළ නිවේදනය පහතින් දැක්වේ.












