ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.
පවතින අධික වැසි හේතුවෙන් මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ අනතුරු ඇඟවීම අද(04) පස්වරු හයේ සිට හෙට(05) පස්වරු හය දක්වා බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හාලිඇල, ඇල්ල, බදුල්ල, පස්සර යන ප්‍රදේශවලටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, මොනරාගල දිස්ත්‍රික්කයේ බඩල්කුඹුර, බිබිල යන ප්‍රදේශවලටද අදාළ නිවේදනය නිකුත් කර තිබෙනවා.
එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා විමසිලිමත්ව සිටින ලෙසටද මෙම අනතුර ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට එම සංවිධානය පියවර ගෙන තිබෙනවා.