නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.
ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ ඇති ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබුවා.
2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වනවා.
විදේශ අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාද හමුවීමට නියමිතයි.
නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයා එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත වීමටද නියමිතයි.