ලබන මස 21 වන දා සිට නව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් ධීවර ප්‍රජාව වෙත හඳුන්වාදීමට රජය සැලසුම් කර තිබෙනවා.
විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කිරීමට සියලුම කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති අතර, එය කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඒ අනුව වයස අවුරුදු 60 සම්පූර්ණ වීමත් සමග මෙම යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලබාගැනීමට හැකිවනවා.
විශ්‍රාම ලබාගනිමින් සිටියදී ප්‍රතිලාභියා මියගියහොත් කාලත්‍රයාට විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හැකිවීම මෙහි විශේෂත්වයක්.
එමෙන්ම වයස අවුරුදු 60 න් පසුව එළඹෙන එක් එක් වයස් සීමාවලදී විශ්‍රාම වැටුප් වැඩිවීමක්ද මෙම ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය යටතේ ප්‍රතිලාභියාට හිමි වනවා.
මෙහි සමාරම්භක උත්සවය 2025 ලෝක ධීවර දිනයට සමගාමීව ලබන 21 වන දා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් කුලුණ පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.













