විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් මල්වතු සහ අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේලා බැහැ දැක ඉල්ලීමක් කර තිබෙනවා .
එහිදී ඔවුන් පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත අවභාවිත කරමින් ආණ්ඩුව විපක්ෂ දේශපාලනඥයින්ට නඩු පවරා සිරගත කිරීමේ උත්සහය නතර කිරීම සදහා මැදිහත් වන ලෙසයි.
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ , හිටපු අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමනාත් සී දොලවත්ත,මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් ද මේ සදහා එක්ව සිටියා .