විදේශීය රටක නිෂ්පාදිත රිවෝලවර් අවියක් සමග සැකකරුවෙක් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුට ගෙන තිබෙනවා.
ලිසිය කියා සිටියේ පසුගිය වසරේ දෙසැම්බර් මස 06 වන දින දෙහිවල, වනරතන පාර ඒ ක්වාටස් ක්‍රීඩාපිටිය අසලදී ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කර මනුෂ්‍ය ඝාතනයකට තැත්කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය සිදුකරන ලද විමර්ශන මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම අපරාධය සිදු කිරීම සඳහා වෙඩික්කරුවන් දෙදෙනෙක් විසින් ගිනි අවි දෙකකින් වෙඩි තැබබ් සිදුකර ඇති බවට අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.
කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි වෙඩික්කරුවෙකු ලෙස ක්‍රියාකළ එක් සැකකරුවෙක් අපරාය සිදු කිරීමට යොදාගත් මෙරට නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවියක්ද සමග පසුගිය වසරේ දෙසැම්බර් 17 වන දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ වන විට රක්ෂිත බන්ධානාගාර ගත කිර සිටිනවා.
ඊයේ(23) දින දහවල් කොට්ටාව ප්‍රදේශයේදී එම අපරාධයේ අනෙක් වෙඩික්කරු ලෙස ක්‍රියා කළ සැකකරු බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 35ක් පමණ වන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම සැකකරු යුද හමුදාවට බැඳි නොදන්වා සේවයට වාර්තා නොකර සිට පසුව පොදු සමා කාලය තු 2013 වර්ෂයේදී නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්ව ඇති බවට අනාවරණ වී තිබෙන බවද පොලිසිය පවසනවා.
සැකකරුගේ සිු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත අපරාධය සිදු කිරීමට යොදාගත් විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර් අවියක් දෙහිවල පොලිස් වසමේ පාළු නිවසක සඟවා තිබියද සොයාගෙන තිබෙනවා.
තවද මෙම සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මොහු පසුගිය වසරේ දෙසැම්බර් 30 වන දින කොහුවල පොලිස් වසමේ බෝධිවත්ත ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිට සිටි අවුරුදු 16ක ගැැනු ළමයෙකුට රිවෝල්වර් අවියකින් වෙඩි තබා තුවාල සිදුකර මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධයේද වෙඩික්කරු වශයෙන් ක්‍රියාකර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
මෙම අපරාධයන් දෙකම දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවටද අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු අද(24) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.










