ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන විස්සයි 20 තරගය ලකුණු 16 කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල සිය පන්දු වාර 20 අවසානයේදී කඩුලු 06 ක් දැවී ලකුණු 206 ක් රැස් කර ගත්තා.
නායක දසුන් ශානක පන්දු 22 ක් තුලදී නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඊට හයේ පහරවල් 06 ක් සහ හතරේ පහරවල් දෙකක් ඇතුලත් වුණා.
එමෙන්ම දසුන් ශානක පන්දු 20 කදී රැස් කළ මෙම අර්ධ ශතකය වාර්තා පොත් අතරට එක්වුයේ විස්සයි 20 තරගයකදී ශ්‍රී ලංකා පිතිකරුවෙකු රැස් කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි.
මීට අමතරව ශ්‍රී ලංකා ඉණිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 52 ක් රැස් කළ අතර චරිත් අසලංක ලකුණු 37 ක් සහ පැතුම් නිස්සංක ලකුණු 33 ක් රැස් කර ගනු ලැබුවා.
ලකුණු 207 ක ඉලක්කයක් හඹා යෑමට පැමිණි ඉන්දිය පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 08 ක් දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 190 ක් පමණයි.
ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ වන විට දෙපිලම තරගය බැගින් ජයග්‍රහණය කර සිටිනවා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














