අද සහ හෙට යන දෙදින මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.
එලෙස අවලංගු කර ඇත්තේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දොඩන්දුව සහ බුස්ස අතර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර කිහිපයක් දුම්රිය සාමාන්‍යාධිකාරී, රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබුනා.
ඒ අනුව හෙට දින ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.15 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත අංක 8319 දරන දුම්රිය අතිහිටුවා තිබෙනවා.
තවද මරදාන දුම්රිය ස්ථානයෙන් පස්වරු 12.10 ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත අංක 8788 දුම්රිය ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
ගාල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 05.00 ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිත සමුද්‍රදේවී දුම්රිය පැය 1ක් පමණ ප්‍රමාදකර පෙරවරු 06.30 ට ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
මීට අමතරව අද කොළඹ කොටුවෙන් පස්වරු 07.30ට පිටත්ව ගාල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය හික්කඩුව දුම්රිය ස්ථානය දක්වා පමණක් ධාවනය කිරීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා ඇත්තේ.
උණුසුම් පුවත්
- මෝදිගෙන් අනුරට විශේෂ ස්තුතියක්
- ආදුරුප්පුවීදියේ පුද්ගල ඝාතනයක්
- දියේ ගිලීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මරුට
- අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට පියවර
- කොරියාවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පැසසුම්
- ශ්‍රී සර්වඥධාතුන්වහන්සේලා වැදපුදාගැනීමට ගංගාරාම පුදබිමට දැවැන්ත ජනකායක්
- නවතම 20 යි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කෙරේ
- ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි













