දිවයිනේ දිස්ත්රික්ක 7ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු මට්ටමේ නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එලෙස පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති දිස්ත්රික්කයන් වන්නේ කොළඹ, ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්රික්කවලටයි.
ඒ අනුව කොළඹ දිස්ත්රික්කයේ පාදුක්ක සහ ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය යන ප්රදේශීය ලේකම් කොට්ඨාසවලට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
කළුතර දිස්ත්රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල සහ අගලවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසන්නේ.
මේ අතර මහනුවර දිස්ත්රික්කයේ ගඟඉහළ කෝරළේ, කෑගල්ල දිස්ත්රික්කයේ දැරණියගල, දෙහිඕවිට සහ යටියන්තොට සහ නුවරඑළිය දිස්ත්රික්කයේ අඹගමුව ප්රාදේශීය ලේකම් බලප්රදේශවලටද අනතුරු ඇඟවීමේ නිවේදනය වලංගු වනවා.
රත්නපුර දිස්ත්රික්කයේ කුරුවිට, නිවිතිගල, ඇහැළියගොඩ සහ අයගම යන ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීම ක්රියාත්මක වනවා.
මෙම අනතුරු ඇඟවීම හෙට(15) පස්වරු 4 දක්වා බලාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය පවසන්නේ.