දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් අද උදෑසන 8 සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම වැඩවර්ජනය පැය 48 ක කාලයක් පුරා ක්‍රියාත්මක වන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කළේ.
නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන්ගේ ගැටලු විසඳීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමට අසමත්වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ.
කෙසේ වෙතත් මාතෘ සහ ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවද ඔහු සදහන් කළා.













