චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය සුන් හයියැන් ඇතුළු ප්රමුඛ චින දූත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.
චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වය ඉදිරියටත් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ සජිත් ප්‍රේමදාස පවතින බංකොලොත්භාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සහ මැදිහත්වීම ඉදිරියටත් ලබා දෙන ලෙස චීන දූත පිරිසගෙන් ඉල්ලා තිබෙනවා.
මෙම අවස්ථාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් හර්ෂණ රාජකරුණා, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, එස්. එම්. මරික්කාර් සහ ගයන්ත කරුණාතිලක යන් මන්ත්‍රීවරුන් ද එක්ව සිටියා.