දික්ඕවිට ධීවර වරායේ වත්මන් තත්ත්වය පිළිබඳ සොයා බැලිමට නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු පිරිසක් එහි නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා.
වරාය තුළ ගොඩගැසී ඇති කැලිකසල බැහැර කිරිම සහ සේවකයන් සම්බන්ධ ගැටලු මෙන්ම ආදායම් වැඩිකර ගැනීමේ ක්‍රමවේද පිළිබඳ ද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක්වුණා.
පවතින ගැටලු ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ද යොමුකර ඒවාට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පෙන්වා දුන්නේ.