හංවැල්ල රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත් බෝම්බයක් අතැතිව සිය දරුවන් ප්‍රාණ ඇපයට ගත් පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව අද අලුයම් කාලයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
බිරිඳ සමග ඇතිවූ අරවුලක් මත බිරිඳ ඝාතනය කිරීමේ අරමුණින් සැකකරු මෙලෙස අත් බෝම්බයක්ද රැගෙන නිවසට ඇතුළුවී ඇති අතර බිරිඳ නිවසින් පිටතට පැන දිවි ගලවාගෙන තිබෙනවා.
අනතුරුව ඉන් කෝපයට පත් මෙම පුද්ගලයා සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙහිදී මුදාගත් දරුවන් දෙදෙනා නවගමුව රෝහලට ඇතුලක් කළ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට













