කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරයQR ක්‍රමවේදය ඔස්සේ ලබා දීම ආරම්භ කර තිබෙනවා.
ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීම උදෙසා මෙම සහනාධාර තේ පොහොර ලබාදීම සුදු කරනු ලබන්නේ.
මේ සදහා මණ්ඩලය විසින් රු. මිලියන 2,000 ක මුදලක් 2025 වර්ෂය සඳහා තේ ගොවීන්ට ලබා දීමට තීරණය කර තිබෙනවා.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙරට තේ දලු නිෂ්පාදනය 75% ක් නිපදවන කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් සැලසුම්කොට කර තිබෙනවා.
මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 ක පොහොර මිටියක් සදහා රු. 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 ක පොහොර මිටියක් සඳහා රු. 2000.00 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ඇති
ඒ අනුව රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි බවයි එම මණ්ඩලය සදහන් කළේ.
උණුසුම් පුවත්
- වයඹ සරසවියේ සිසුන් හතරක් රක්ෂිත බන්ධනාගාරයට
- තිස්සමහාරාමයේ වෙඩි තැබීමක්… අයෙක් මරුට
- මධ්‍යම පරිසර අධිකාරියේ ගෙවීම් කටයුතු අද සිට GovPay හරහා
- ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත සහ ටිල්වින් අතර හමුවක්
- රෝහල තුළ නොසන්සුන් වූ වතු කම්කරුවන් පාලනයට පොලිසිය පැමිණෙයි
- තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාර ලබා දීම අරම්භයි
- ආදායම් බදු අවසන් ගෙවීම් සම්බන්ධයෙන් නිවේදනයක්
- සිසුන් තුළ ගෞරවය සහ සැබෑ සංහිදියාව ඇතිකිරීම අවශ්‍යයි-හරිනි අමරසූරිය