සංචාරක බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනය අදයි.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර එම තීරණය සාර්ථක කර ගනිමින් බංග්ලාදේශ පිතිකරුවන් තරගයේ පළමු දිනයේදී සිය ආධිපත්‍ය පැතිරවීමට සමත් වූවා.
ඒ අනුව 17 වැනිදා ආරම්භ වූ තරගයේ පළමු දිනය නිමාවට පත්වන විට කඩුලු තුනක් පමණක් බිඳවැටී ලකුණු 292ක සාර්ථක ඉනිමක් ගොඩනැගීමට බංග්ලාදේශ පිතිකරුවන් සමත්ව සිටියා.
බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු ත්‍රිත්වයම ලකුණු 45ක් තුළ බිඳදැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවද සිව්වන කඩුල්ල වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමේ නායක සන්තෝ සමගින් පිටියට එක්වූ මුශ්ෆිකර් රහ්මී ලකුණු 247ක අගනා විශිෂ්ඨ ඉනිමක් ගොඩනැගීමට බංග්ලාදේශ පිතිකරු යුගලය සමත් වූවා.
පළමු දිනය නිමා වන විට සන්තෝ සහ මුශ්ෆිකර් දවා ගැනීමට කිසිදු ශ්‍රී ලංකා පන්දු යවන්නෙන් සමත් නොවූ අතර ඒ වන විට සන්තෝ නොදැවී ලකුණු 136ක්ද මුශ්ෆිකර් නොදැවී ලකුණු 105ක්ද ලබාගෙන සිටියා.
තරගයේ දෙවන දිනය ඊයේ(18) දින තරගය ආරම්භ කරන විට කඩුලු තුනකට ලකුණු 292 ලබා සිටි බංග්ලාදේශ කණ්ඩායම දෙවන දිනය නිමාවට පත්වන විට කඩුලු 9කට ලකුණු 484ක් ලබා සිටියා.
දිනයේ අවසන් කඩුලු හතර ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක නජමුල් හොස්සෙයින් සන්තෝ ලකුණු 148ක්ද මුශ්ෆිකර් රහීම් ලකුණු 163ක් ලිට්ටොන් දාස් ලකුණු 90ක්ද ලබාගැනීමට සමත් වූවා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසිත ප්‍රනාන්දු, මිලාන් රත්නායක සහ තරිඳු රත්නායක කඩුලු තුන බැගින් දවා ගැනීමට සමත් වූවා.
තරගය අද පෙරවරු 9.45ට ආරම්භ වීමට නියමිතයි.