ඉදිකරමින් තිබී ගොඩනැගිල්ලකින් වැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ගම්පොල, කහටපිටිය ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලයේ සිටි පුද්ගලයෙකු මෙලෙස වැටී මියගොස් ඇති බවයි.
අදාළ පුද්ගලයා ඉහළ මහලේ ඉදිකිරීම් කටයුතු කරමින් සිටියදී යකඩ පලංචියක් ලිස්සා වැටීමෙන් මියගොස් ඇති බවට ගම්පොල පොලිසිය පවසනවා.
ගම්පොල, මාවතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 58ක පුද්ගලයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මරණකරු තෙමහල් ගොඩනැගිල්ලෙන් වැටී මියගොස් සිටියදී අනෙකුත් සේවකයන් විසින් ගම්පොල රෝහල වෙත රැගෙන ගොස් ඇති බවයි.
මෘතදේහය ගම්පොල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර ගම්පොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.